කෝටි ගණනක සුපිරි BMW ගැහිල්ලක් එළියට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

කෝටි ගණනක සුපිරි BMW ගැහිල්ලක් එළියට පනී

වර්ෂ 2011 සිට 2014 කාලය තුළ මෙරටට BMW වර්ගයේ කාර්වල වටිනාකම අඩු කොට පෙන්වමින් කාර් 1675 ක් ගෙන්වා රුපියල් බිලියන 16 ක රේගු බදු අහිමි කිරීමේ වංචාවක් පිලිබඳව සොයා බැලීමට නියම කරමින් රිට් ආඥා නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණි. නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහතා මඟින් මෙම පෙත්සම ගොනු කළේ රේගුවේ මධ්‍යම පරීක්ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මුර්ගේසු දයාබරන් මහතාය. 

මෙම පෙත්සමේ සඳහන් වන අන්දමට කලක් තිස්සේ රටට පාඩු කරමින් මෙම වංචාව කළ බවට චෝදනා කර ඇත්තේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ටී.ඩබ්.ඒ සේනානායක, රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සමන් ද සිල්වා මෙරටට BMW කාර් ගෙන්වන නියෝජිත ආයතනය වන “ප්‍රේස්ට්‍රිජ් ඔටෝ මොබයිල්ස් ප්‍රවට් ලිමිටඩ් ” සමාගමේ ජර්මන් ජාතික හේන්ස් ඇඩොල්ෆ් රොයිටර් යන වගඋත්තරකරුවන්ටය.

නීතිපතිවරයා මෙහි නිල බලයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත. රේගුව රජයට ලැබෙන බඩු ආදායමෙන් 60% ක් එකතු කර දෙන බවද, මෙම බදු වංචාවට අදාල වන්නේ බදු සහන මත රජයේ නිළධාරීන්ට වාහන ගෙන්වා ගැනීම සඳහා දෙන බලපත්‍ර භාවිතයට ගෙන BMW කාර් ගෙන්වා ගැනීම මෙම වංචාව බවද පෙත්සමේ සඳහන් වේ. BMW කාර් මෙරටට ගෙන්වන නියෝජිත ආයතනයේ රොයිටර් මහතා ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරමින් රේගු බදු අඩු කොට ඔවුන්ගේ කාර් ගෙන්වීමට මඟ සලසාගෙන ඇතැයි පෙත්සම්කරු පෙත්සමේ පවසයි.

මේ වංචාව පිලිබඳව රේගුව පරීක්ෂණ ආරම්භ කළ විට ජර්මනියේ BMW කාර් නිෂ්පාදන සමාගම BMWකාර්වල නියම වටිනාකම සඳහන් කරමින් ලේඛන ඒවා ඇත්ත, රොයිටර් මහතා පරීක්ෂණය සඳහා සහය වීම ප්‍රතික්ෂේප කළේය. පසුව පළමුවැනි වගඋත්තරකරුගේ උපදෙස් අනුව තුන්වැනි වගඋත්තරකරු පරීක්ෂණ නැවැත්වූ බව පෙත්සම්කරු සඳහන් කරයි. රටට බිලියන 16ක් අහිමි කළ මෙම වංචාව පිලිබඳ පරීක්ෂණ ආරම්භ කරන ලෙසත්, හතරවැනි වගඋත්තරකාර රයිටර් මහතාගේ ගුවන් ගමන් බලපත්‍රයට අදාළ ලේඛන තහනම් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

(ජනයුගය – 2017 .06.28)

No comments:

Post a Comment

Post Bottom Ad