මහින්ද ගෙන්වන්න එපා.. අපි හෑල්ලු වෙනවා.. ආණ්ඩුවේ බලවතෙක් පකිස්තානයෙන් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

මහින්ද ගෙන්වන්න එපා.. අපි හෑල්ලු වෙනවා.. ආණ්ඩුවේ බලවතෙක් පකිස්තානයෙන් ඉල්ලයි..

පකිස්ථානයේ උසස්ම ආරක්‍ෂක විදුහලේ ජ්‍යෙෂ්ඨතම හමුදා ප‍්‍රධානීන් සදහා දේශණයක් පැවැත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරන ලද නිල ආරාධනාව වැලැක්වීම සදහා ආණ්ඩුවේ ඉහල බලවතෙක් දැඩි වෙහෙසක් දරා ඇති බව වාර්තා වෙයි.

මෙරට සිටින පකිස්තාන තානාපතිවරයාටද එම බලවතා දන්වා ඇත්තේ රාජපක්‍ෂ මහතාට පකිස්තානයෙන් කර ඇති මෙම නිල ආරාධනාව වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානීන්නට කරන ලද නොසැලකිල්ලක් සේ පෙනෙන බැවින් එම සංචාරය සිදු නොවීම වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත් පකිස්තාන තානාපතිවරයා එම රාජතාන්ත‍්‍රික නොවන විරෝදය නොතකා දැනුම් දී ඇත්තේ එම ආරාධනාව පකිතානයේ ජනාධිපතිවරයාගේ ආරාධනාවක් නිසා එය නැවැත්වීම කිසිසේත්ම කල නොහැකි බවයි. මෙරට කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ අසිරිමත් මෙහෙයුම ගැන පකාස්තානයේ හමුදා ප‍්‍රධානීන්ට දේශණයක් සිදු කිරීම සදහා එහි ගිය හිටපු ජනාධිපතිවරයාට එරටින් ඉහලම රාජතාන්ත‍්‍රික පිලිගැනීම් ලබා දී තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad