මා මහඇමති ධූරයෙන් කරන්න කොළඹ කුමන්ත්‍රණයක් – විග්නේශ්වරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

මා මහඇමති ධූරයෙන් කරන්න කොළඹ කුමන්ත්‍රණයක් – විග්නේශ්වරන්

තමන්ට එරෙහිව කොළඹ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව භාර දී ඇති විශ්වාශ භංගයට විරෝධය පාමින් යාපනයේ වැසියන් පිරිසක් විරෝධතා පා ගමනින් උතුරු මහඇමති වරයාගේ නිල නිවසට පැමිණි අවස්ථාවේදී විරෝධතා කරුවන් අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,

‘කෙළඹදී මට එරෙහිව කරපු කුමන්ත්‍රණයක් තමයි මේ සිද්ද වෙලා තියෙන්නේ කුමන්ත්‍රණය කරපු අය ගැන මම දැං කියන්න කැමති නැහැ ඒ වුනත් ඒක වුනේ කොහොමද කියල මම කියන්නම්. 


අමාත්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා වාර්ථාවක් එනව කියලා ඒ අය දැනගෙන හිටියා ඒ වාර්ථාවෙන් කියවෙන කරුණු අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න හෝ නොගෙන ඉන්න මට සිද්ධ වෙනවා එකෙදී මම මොන පියවර ගත්තත් කුමන්ත්‍රණ කරුවො ඒකේ වාසිය ගන්න තමයි සැලසුම් කරල තිබුනෙ එතනදි වැරදි කරුවන් රැකගන්නවා කියල චෝදනා කරලා මාව එලියට දානවා නැතිනම් දැන් කරල තියන විදිහට ඒ අයට දඩුවම් දුන්නා කියලා මට එරෙහිව පියවර ගන්නවා ඔය දෙකෙන් මොකක් වුනත් මාව එලියට දාන්න ඕන කියන මතයෙ තමයි ඒ අය හිටියේ.

අනික මේ වගේ විමර්ශනයක් කරන්න ඕන කිව්වෙත් අපේම පක්ෂයේ කට්ටිය ඒ හින්ද තමයි අපි කමිටුවක් පත් කරල විමර්ශනය කරේ මේ පළමු උතුරු පලාත් සභාව වංචා දූෂණ සම්බන්ධයෙන් අපි හරියට කටයතු කරේ නැත්තම් දිගටම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට වෙනවා’

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad