ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් අද(07) කැඳවා තිබේ. ඒ අනුව අද(07) පස්වරු 4.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වේ.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ අරමුණ වී ඇති බව සඳහන් වෙයි. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතව ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචිමාර්ග  සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad