කෝටියක මැණිකක් බෑග් එකේ දමාගෙන රටයන්න හැදූ ස්ලිට් සිසුවා මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

කෝටියක මැණිකක් බෑග් එකේ දමාගෙන රටයන්න හැදූ ස්ලිට් සිසුවා මාට්ටු


නීති විරෝධී ලෙස රූබි වර්ගයේ මැණික් ගලක් රටින් පිටමං කිරීමට උත්සාහ දැරූ 23 හැවිරිදි තරුණයෙකු ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත් වුණා. මාළඹේ ස්ලිට් සරසවියේ සිසුවෙකු බව කියන ඔහු ගුවන්තොටුපළ රේගු බලධාරීන්ගේ උකුසු ඇසට යොමුවූයේ සැක සහිත ලෙස වටපිට බලමින් එහේ මෙහේ ගමන් කරමින් සිටි නිසාය.


EY 267 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතව සිටි ඔහුගේ බෑගය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව රේගු නිලධාරියෙකු දන්වා සිටි අතර බෑගයේ ඇතුළත රහස් පොකට්ටුවක සවිකළ පසුම්බියක් තුළ තිබී මෙම මැණික සොයාගෙන තිබේ.

බරින් කැරට් 05ක් වන ඉතා දුර්ලභ ගණයේ රතු(රූබි) මැණික් වර්ගයට මෙම මැණික් ගලේ වටිනාකම රු.කෝටියක් පමණ වෙන බව ගණන් බලා ඇත. 23 හැවිරිදි වියෙහි පසුවන කොළඹ පදිංචිකරුවෙක් වන අතර මාළඹේ ස්ලිට් සරසවි‍යේ තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරමින් සිටින බව දන්වා ඇත.

ඔහු මින් පෙර අවස්ථා කිහිපයකම අබුඩාබි බලා ගමන් කර තිබෙන අතර එම අවස්ථාවලත් මේ ආකාරයට වටිනාදේ රැගෙන ගියේද යන්න ගැන වැඩිදුර විමර්ශන සිදුවේ.  මැණික් ගල රාජ සන්තක කොට සැකකරුට රු. ලක්ෂයක දඩයක් නියම කළ බව රේගුව දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad