පැත්ත පළාතේ එන්න එපා – ලන්ඩන් නගරාධිපති ඇමරිකානු ජනපතිට කියයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

පැත්ත පළාතේ එන්න එපා – ලන්ඩන් නගරාධිපති ඇමරිකානු ජනපතිට කියයි!

නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ.

පසුගිය සමයේදී ලන්ඩන් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට නොහැකිවූ හේතුව මුස්ලිම් ජාතිකයෙකු එම නගරයේ නගරාධිපතිධූරය දැරීම බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ. මෙවන් ප්‍රහාර නැවත ඇති නොවීමට අයි එස් ත්‍රස්තයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

එංගලන්තය විසින් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි හානි ගෙන දෙන බව ලන්ඩන් නගරාධිපතිවරයාගේ මතයයි. කෙසේ වුවද සිය රටට පැමිණෙන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට එංගලන්ත අග්‍රාමාත්‍ය කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad