සුනාමි හෝ සුලිකුණාටු අවදානමක් නෑ බිය නොවන්න -කාලගුණෙන් විශේෂ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

සුනාමි හෝ සුලිකුණාටු අවදානමක් නෑ බිය නොවන්න -කාලගුණෙන් විශේෂ නිවේදනයක්


ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ සුළි කුණාටු හෝ සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන මස 10වන දින සිට නතරවනු ඇතැයි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ. එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා හමන තද සුළං ඇති විය හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad