ලංකාවට එන, වසරේ හොඳම මෝටර් රථය මෙන්න.. (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ලංකාවට එන, වසරේ හොඳම මෝටර් රථය මෙන්න.. (වීඩියෝ)

මැලේසියාවේ Perodua සමාගම විසින් නිෂ්පාදනය කරන “Bezza” සෙඩාන් වර්ගයේ රථය ඊයේ දිනයේ (06) ලංකාවේ වෙළඳපොළ වෙත Perodua රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයන් වන යුනයිටඩ් මෝටර්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් විසින් හඳුන්වාදෙන ලදී.

මෙය Perodua හි පළමු සෙඩාන් රථය වන අතර 2016 වසරේ හොඳම මැලේසියානු මෝටර් රථය ලෙසින්ද සම්මානයට පාත්‍ර වී ඇති අතර මෙම මෝටර් රථය 3690,000/= විශේෂිත හඳුන්වා දීමේ මිලකට ලංකාවේ අලෙවි වීමට නියමිතය. එසේම මෙම මෝටර් රථය 1000 cc VVT-i එන්ජිමකින් සමන්විත අතර Dual Air Bag, ABS, EBD වැනි ආරක්‍ෂිත උපාංග වලින් සමන්විත වේ.

මෙම මෝටර් රථයේ ඇති විශේෂතා පහත වීඩියෝවෙන්..


 

No comments:

Post a Comment

Post Bottom Ad