අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට බෙදාදීම පිණිස කිරිඇල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ගබඩාකර තිබූ රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් සොරාගත් බව කියන තරුණයන් සිවු දෙනකු කිරිඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන් සොරාගත් සහනාධාර අඩංගු විශාල ප්‍රමාණයේ බෑග් කිහිපයක් එම ප්‍රදේශයේ කැලෑවක තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සිවුදෙනාම පසුගිය දිනවල එම විහාරස්ථානයේ රඳවා සිටි අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර පිසීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළ අයවලුන් බවද අනාවරණය වෙයි.
Wednesday, June 7, 2017
සොරාගත් සහනාධාර කැලෑවකින්..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment