‘පාකිස්ථානය එරෙහි කුමන්ත‍්‍රණය පරාජය කිරීමට තනිව සටන්කල ඔබ පාකිස්තානු ඉතිහාසයෙත් අමරණියයි – සෙනට් සභිකයන් හිටපු ජනපතිට කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

‘පාකිස්ථානය එරෙහි කුමන්ත‍්‍රණය පරාජය කිරීමට තනිව සටන්කල ඔබ පාකිස්තානු ඉතිහාසයෙත් අමරණියයි – සෙනට් සභිකයන් හිටපු ජනපතිට කියයි

සිව්දින සංචාරයක්‌ සඳහා පාකිස්‌තානයට ගොස්‌ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා එරට සෙනෙට්‌ සභිකයන් අතර හමුවීමක්‌ පෙරේදා (21 දා) පස්‌වරුවේ පාකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් සෙනෙට්‌ සභාවේදී සිදු විය.

මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිත පිරිස පාකිස්‌තාන සෙනෙට්‌ සභාවේ සේනාතර් නුෂාඩ් සදිකි සභාපතිනිය, සේනාතර් සයිඩ් ශිබිල් රාශ්, සේනාතර් කරීම් අහමඩ් ක්‌වාජා ප්‍රමුඛ නියෝජිත පිරිස මුණගැසීම ශ්‍රී ලංකා පාකිස්‌තාන මිත්‍රත්වය වඩාත් තහවුරු කරන්නක්‌ විය.

පොදු රාජ්‍ය මණ්ඩලයේන් පකිස්ථානය ඉවත් කිරීම සඳහා වූ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ පෞද්ගලික කැපකිරීම පාකිස්ථානු ඉතිහාසයේ අමරණීය සිදුවීමක් බව පෙන්වා දුන් සෙනෙට්‌ මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවට සාක්‌ කලාපයට පමණක්‌ නොව ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ලොව පුරා රාජ්‍යයන්ට නායකත්වය නැවත ලබාදීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාට දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කළහ.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස්‌ අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්‌ යන මහත්වරු එක්‌වී සිටියහ.

Image may contain: 7 people, people standing and suit
Image may contain: 6 people, people standing and indoor
Image may contain: 2 people, people standing and indoor
Image may contain: 3 people, people smiling, people standing and indoor

No comments:

Post a Comment

Post Bottom Ad