ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වෙයි

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ තායිලන්ත සංචාරයක් අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා  කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකුවෙකි. එමෙන්ම ඒ මහතා රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇති අතර ඉන්දියානු තාක්ෂණික අධ්‍යාපන ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබේ. මියයන විට ආචාර්ය සමන් කැලේගම මහතා 58 වන වියේ පසු වුණි.

No comments:

Post a Comment

Post Bottom Ad