රාජිත එපා කී ලේකම්වරයා වෙනුවට ජනපතිගෙන් නව ලේකම්වරයෙක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

රාජිත එපා කී ලේකම්වරයා වෙනුවට ජනපතිගෙන් නව ලේකම්වරයෙක්!

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනක සුගතදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (17) පත් කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වේ. සුගතදාස මහතා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උදය ආර්. සෙනෙවිරත්න මහතා පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයට එම ලේකම්වරයා වෙනුවට වෙනත් ලේකම්වරයෙකු පත් කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad