ඥානසාර හිමි සැඟවූ අය ගැන මහින්ද හෙළි කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ විජේරාම නිළ නිවසේ පැවති ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරීමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment