මංගල වැඩ අරඹයි ! – වාහන ලීසිං – රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍ර රෙගුලාසි වෙනස් වෙයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

මංගල වැඩ අරඹයි ! – වාහන ලීසිං – රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍ර රෙගුලාසි වෙනස් වෙයි!

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ  අමෙරිකානු  ඩොලර් 25000ක  වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා ඇති බවයි.

අමෙරිකානු  ඩොලර් 30,000 ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60ක් වන බවද එහි සඳහන් වනවා. සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර්  රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ. මේ අතර සියයට 50ක්ව පැවති ආසන 33ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව, සියයට 90 දක්වා වැඩිකර තිබෙනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad