යහපාලනය යටතේ මාගේ සිහින බොද වුණා … දැන් කරන්න දෙයක් නෑ …වෙන දෙයක් බලා ඉන්නවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

යහපාලනය යටතේ මාගේ සිහින බොද වුණා … දැන් කරන්න දෙයක් නෑ …වෙන දෙයක් බලා ඉන්නවා

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමෙන් පසුව වර්තමානයේ උද්ගත වී ඇති බොහෝ ගැටළු හමුවේ කිසිදු හොඳ දෙයක් කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම සිහින මේ වන විට කඬා වැටී ඇති බවත් කළ හැකිව ඇත්තේ ආණ්ඩුව යටතේ හානිකර දේවල් සිදුවීම වැළැක්වීම පමණක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

ශ්‍රි ලංකා ජාතික මහා සභාව විසින් ජාතික ප්‍රතිපත්ති කොමිසමක් ස්ථාපිත කිරීම සම්බන්ධ කෙටුම්පත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රතන හිමියන් මේ බව කියා සිටියේ ය. වර්තමානයේ දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි විවිධ ප්‍රතිපත්ති සකසමින් සිටින බවත් එනිසා ජාතික ප්‍රතිපත්තියක් තුළ සිට සියලුම තීන්දු තීරණ ගැනීම සිදු කළ යුතු බවත් රතන හිමියන් වැඩි දුරටත් පැවසීය.

මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සෙස් බද්ද ඉවත් කිරීමට අදාළ කරුණු දක්වා සිටින බවත් ඒ පිළිබඳ කිසිදු දැනුවත් කිරීමක් රටේ වගකිව යුතු පුද්ගලයෙක් වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොමැති බවත් පැවසු රතන හිමියන් තිරසාර යුගයක මඟ නැමති නව ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් 2020 වන විට නව ජනාධිපතිවරයෙක් බිහි කිරීමේ සැළැස්ම බව ද කියා සිටියේ ය.


lankanewsalert.com

No comments:

Post a Comment

Post Bottom Ad