කටාරය සමග පවතින තානාපති සබඳතා තවත් ව්‍යවුලට පත් කරමින් එරට ගුවන් යානාවලට සිය ගුවන් කලාපයට ඇතුළුවීම වළකාලීමට ඊජිප්තුව කටයුතු කරයි. බහරේනය සහ සෞදි අරාබිය ද අඟහරුවාදා (ජුනි 06) එම තීන්දුව ක්‍රියාත්මක කරනු ඇත.
ගල්ෆ් කලාපය තුළ ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාරය සමග පවතින තානාපති සබඳතා අත්හිටවීමට අරාබි රටවල් කිහිපයක් කටයුතු කළහ. ඒ අනුව බහරේනය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කටාර් පුරවැසියන්ට එම රටවලින් පිටව යෑම සඳහා සති දෙකක කාලයක් ලබා දී තිබේ. කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් " විවෘත සහ අවංක සංවාදයකට" පැමිණෙන ලෙස එරට විදේශ ඇමතිවරයා ඉල්ලා සිටී.
"නැවත දැනුම් දෙන තුරු" ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් 04.00 ට කටාර් ගුවන් යානා සඳහා සිය ගුවන් දේශ සීමාව වසා දමන බව ඊජිප්තුව නිවේදනය කළේය. ඒ අනුව ගුවන් යානා හුවමාරු වන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් වන කටාරයේ ඩෝහා අගනුවර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු අඩාල වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. කටාර්, එතිහාඩ් සහ එමිරේට්ස් ගුවන් මෙහෙයුම් අඩාල වන සේවා අතරට ඇතුලත්ය.
Tuesday, June 6, 2017
කටාර් අර්බුදය: ගුවන් සේවා තහනම ඇරඹේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment