අයහපත් කාලගුණය බලපෑ නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

අයහපත් කාලගුණය බලපෑ නිසා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට


අයහපත් කාලගුණයේ බලපෑමෙන් වෙළෙඳ පලේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහළගොස් ඇති බව වාර්තා වෙයි. වෙළෙඳුන් පෙන්වා

දෙන්නේ දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල එළවළු ලැබීමේ අඩුවක් ද පවතින බවයි.

ඒ හේතුවෙන් මිල ගණන් වල යම් ඉහළයාමක් පවතින බව  ඔවුන් පවසයි. අමු මිරිස්, ගෝවා, කැරට්, මාළු මිරිස්, වට්ටක්කා වැනි එළවළු වල  මිලගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් රාජපක්ෂ සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් බලපෑම හේතුවෙන්  එළවළු ලැබීමේ හිඟතාවක් නොමැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad