ජනපති ඡයා පල කිරීමෙන් ෆේස්බුක් බොලොක් නොවේ - ජනපති මාධ්‍ය අංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ජනපති ඡයා පල කිරීමෙන් ෆේස්බුක් බොලොක් නොවේ - ජනපති මාධ්‍ය අංශය

ෆේස්බුක් පිටුවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප පල කිරීමෙන් ඒවා අවහිර නොවන (බ්ලොක්) බවත්, ජනපතිවරයාගේ ඡායාරූප විකෘති කිරීම ෆේස්බුක් පිටු අවහිරවීමට හේතුවක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

එසේම ෆේස්බුක් පිටුවේ විවේචනාත්මක සටහන්වලට ජනපති ඡායා යෙදීමෙන් ද ගැටලු මතු නොවන බව ජනපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ජනාධිපතිවරයාගේ ජායාරූප බොහොමයක් මූල්‍ය ගෙවීමක් සහිතව ඒවාගේ අයිතිය (copyright) ජනාධිපති මාධ්‍ය අංශය විසින් ලබාගෙන ඇති බවත්, එබැවින් ඒවා විකෘති කළ විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඡායාරූප විකෘතිකරමින් අපහාස කරන ලද ඡායා පලකර තිබූ ෆේස්බුක් පිටු කිහිපයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැමිණිලි කිරීමෙන් පසුව වසා දැමූ බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

සිරිසේන මහතා රාජ්‍ය නායකයකු බැවින් ෆේස්බුක් සමාජ ජාලයද ජනපතිවරයාගේ ඡායාරූප සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද ඔහු කීය. කෙසේවුද, ගොසිප් ලංකා ඇතුළු ප්‍රධාන වෙබ් අඩවිවල ෆේස්බුක් පිටු පසුගිය කාලයේදී පැමිණිලි කිරීම නිසා අකර්මන්‍ය කර තිබිණි.

Source : Srilankamirror.com

No comments:

Post a Comment

Post Bottom Ad