හිටපු මන්ත්‍රීගෙ පුතා රටෙන් පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

හිටපු මන්ත්‍රීගෙ පුතා රටෙන් පනී

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් අසීස් මහතාගේ පුත්‍රයෙකු වන අමාන් අස්වර් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තාවේ. 

මේ වන විට අමාන් අස්වර් නැමැත්තා රටෙන් පළා ගොස් ඇති බවත් ඔහු ලංකාවට පැමිණි සැණින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොතුවිල් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. පසුගිය 08 වැනිදා පොතුවිල් හි කන්දම් ප්‍රදේශයේ වෙල් යායකදී  වායු රයිපලයකින් සිදුකර ඇති මෙම වෙඩි තැබීමෙන් සේනුලබ්දීන් මුෆාස් නැමැති තරුණයෙක් තුවාල ලබා අක්කරෙයිපත්තු රෝහලට ඇතුළත් කර ඇත.
 ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කර ඇතිමුත්  අනතුරුව එල්ලවූ බලපෑම් මත ඔහු රෝහලේ රදවා නොගෙන පිටත් කර යැවීමට අක්කරෙයිපත්තු රෝහල් බලධාරීන් කටයුතු කළ බව ඔහුගේ ඥාතීහු ප්‍රකාශ කරති. වෙඩිතැබීම සිදු කළ තරුණයාගේ ඥාතියෙක් වන වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත  රෝහල් බලධාරීන්ගෙන් මෙසේ සිදුකළ බව පැවසේ. කෙසේ වෙතත් තුවාලකරුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔහුව නැවතත් අම්පාර මූලික රෝහල් වෙත ඇතුලත් කිරීමට ඥාතීන් කටයුතු කර තිබේ.

Source : Srilankamirror.com

No comments:

Post a Comment

Post Bottom Ad