දුෂණ විරෝධී පෙරමුණෙන් කීර්ති තෙන්නකෝන් ඉවත්වෙයි

දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති අතර ඔහු මෙලෙසද සඳහන් කර තිබේ.

“එකිනෙකට වෙනස් වූ දේශපාලනික හා මතවාදී අදහස් පසෙක ලා ‘දුෂණ විරෝධී සංස්කෘතියක් ගොඩ නැගීම සදහා‘ ගෙවී ගිය වසර දෙකකට වැඩි කලක් අප එක්ව කටයුතු කළෙමු.“ යැයි එහි සඳහන් කර තිබේ. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේද රජිත් කීර්ති තෙන්නකෝන් මහතාය.

එම ෆේස්බුක් සටහන පහතින්,
Image may contain: 1 person


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment