පදක්කමේ සැබෑ වටිනාකම නොදත් සූසී සහ මාධ්‍යවේදියා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

පදක්කමේ සැබෑ වටිනාකම නොදත් සූසී සහ මාධ්‍යවේදියා!

සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් දිනා ගත් රිදී පදක්කම විකිණීම හෝ වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් පළවන පුවත් වාර්තා ගැන බොහෝ දෙනා දනී. පිරිසක් එය විවේචනය කරද්දී, පිරිසක් එය සාධාරණීය කරනය කරයි. ඇය ලේ දහඩිය වැය කර ලබා ගත්, ඒ අසම සම ජයග්‍රහණයයේ අයිතිකාරිය ඇයයි. නමුත්, එම පදක්කම රටට වටින ප්‍රමාණයටම ඇයට වටින්නේ දැයි දැක සැකයක් මතුව තිබේ. 

ඒ, ඇය සහභාගීවන සෑම රූපවාහිනී වැඩසටහනකදීම එම පදක්කම කුණු කඩමාල්ලක් ලෙස ගෙන ඒම හා ගෙන හැර දැක්වීම මගිනි. මහේල ජයවර්ධන නම් ක්‍රීඩකයා ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේ කී කියමනක් මතකයට නැගේ, ” මේ තොප්පිය මට හම්බුණේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ දිනයේදීයි. එදා සිට අද දක්වා මා මේ තොප්පිය පැළඳ ක්‍රීඩා කළා. අදයි එය පළඳින අවසන් දිනය. මෙය තැබීමට මගේ නිවසේ විශේෂ ස්ථානයක් සූදානම් කර තිබෙනවා. 

මෙය එතැන තැබෙනු ඇති.” ටෙස්ට් තොප්පියට මහේල දැක්වූ ගෞරවය, සුසී අක්කාට තම ඔලිම්පික් පදක්කම වෙනුවෙන් නොමැතිවීම ශෝක ජනකය. ඔලිම්පික් පදක්කමක් කරලෑමේ වාසනාව ඇත්තේ, ඉතා අල්ප දෙනෙකුටය. මාධ්‍ය වේදියෙකු යැයි පවසන මොහු, ඒ සම්බන්ධයෙන් හොඳ හැටි දැනගත යුතුය. ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්වන ගෞරවය මින් පිළිබිඹුවේ. කෙනෙකු දහඩිය මහන්සියෙන් උපයන ලද පදක්කමක්, කර ලෑම කෙතරම් සදාචාර සම්පන්නදැයි සිතේ. 

විශේෂයෙන් මෙය ශ්‍රී ලංකාවට හිමිවූ දෙවැනි හා අවසන් පදක්කමයි. ඔහුට ඊට අයිතියක් නැත්තා සේම. අන් සතු කර එය කෝලම් භාණ්ඩයක් කිරීමට සුසන්තිකාට ද අයිතියක් නැත.

harigossip

No comments:

Post a Comment

Post Bottom Ad