රත්තරන් සොයන අමුතු යන්ත්‍රයක් සමග පුද්ගලයෙකු කොටු කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

රත්තරන් සොයන අමුතු යන්ත්‍රයක් සමග පුද්ගලයෙකු කොටු කර ගනී

තබුත්තේ ගම පොලිසිය විසින් මසක පමණ සිට කොටු කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු ඊයේ සවස තබුත්තේගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුගේ අතැතිව නවීන පන්නයේ ස්කෑන් යන්ත්‍රයක් ද තිබු බවයි සඳහන් වන්නේ. පසුව ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරු කළ පාපොච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ එම යන්ත්‍රය මගින් අඩි 800 ක් හා අඩි 30 ක් ඇතුළත ඇති රත්තරන් සහ ලෝහ ද්‍රව්‍ය තිබේනම් එමගින් සොයාගත හැකි බවයි. අද දින මෙම සැකකරු තබුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිට අමතරව මෙම පුද්ගලයා නිදන් හාරන පුද්ගලයින්ට උදව් කළ අයෙකු බවයි අනාවරණ වී තිබෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad