පළමුවන ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

පළමුවන ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කෙරේ

2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2017 ජුලි 10 තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මීට ඉහතදී අවසන් දිනය ලෙස ප්‍රකාශ කර තිබුණේ මේ මස 30 වනදාය.නමුත් ජනතා ඉල්ලීම් සලකා බලා 2018 වර්ෂයේ අයදුම්පත් භාර ගැනීමේ දිනය කල් දැමීම සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය.

මේ වන විට තම අයදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන්, තමන් විසින් සහතික කරන ලද අයදුම්පතෙහි පිටපතක්, අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබා ගන්නා ලෙස වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබෙන බව එම නිවේදනයේ සඳහන් වේ. 

එසේ පාසල් වෙත අතින් භාර දෙන ලද අයදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් ‘ලද බවට’ ලිපියක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට අමාත්‍යංශය විසින් දැනුම් දීමක් ද සිදු කර ඇත. දැනට තැපැල් කර ඇති අයදුම්පත් 2017.06.30 දින පසු වී පාසල් වෙත ලැබුණහොත් එම අයදුම්පත් භාර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බව ද දැනුම් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad