ප්‍රසිද්ධ වෙළදසැලක ලක්ෂ 78 ක් මහ දවල් පැහැර ගත් හැටි - CCTV දර්ශන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

ප්‍රසිද්ධ වෙළදසැලක ලක්ෂ 78 ක් මහ දවල් පැහැර ගත් හැටි - CCTV දර්ශන

කඩවත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවි සැලකට මුදල් රැගෙන පැමිණෙමින් තිබූ වෑන් රථයකට රාගමදී කිසියම් පිරිසක් විසින් වෙඩි තබා එහි තිබූ රුපියල් ලක්ෂ 78 ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථයට වෙඩි තබා ඊයේ (26) දහවල් මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බව කඩවත පොලීසිය සඳහන් කළේය. මෙම නිමි ඇඳුම් අලෙ විසැලේ වත්තල ශාඛාවේ තිබූ මුදල් කඩවත ශාඛාව වෙත රැගෙන එමින් තිබියදී මෙම කොල්ලකෑම සිදු වූ බවද වාර්තා වේ. සැකකරුවන් එක් වරම මෝටර් රථයකින් පැමිණ වෑන් රථය හරස් කොට ගිනි අවි පෙන්වා වෑන් රථයේ රෝදවලට වෙඩි ප්‍රහාර එල්ල කොට බිය ගන්වා මුදල් පැහැරගෙන ගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද සැකකරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්...

 

No comments:

Post a Comment

Post Bottom Ad