"කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ" - උතුරු ආණ්ඩුකාර (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

"කතාවෙන් නොව ක්‍රියාවෙන් වැඩ" - උතුරු ආණ්ඩුකාර (PHOTOS)

සංහිදියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක්‍රියාවෙන් බව මානව පැහැදිලි වූ අවස්ථාවක් පසුගිය 25 වනදා උදා වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උතුරු පළාතේ පුහුණුව නිම කළ වෘත්තීයවේදීන්ට සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

දකුණේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සියක් නමක් උතුරට පැමිණ යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ලේ පරිත්‍යාග කර සංහිදියාව ක්‍රියාවෙන් ඔප්පු කර තිබීම ඉමහත් සතුටට කරුණක් බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. ජාතීන් අතර සමගිය ඇති වන්නේ ක්‍රියාවෙන් මිස කතාවෙන් නොවන බවත් අද උතුරට අවශ්‍ය වී ඇත්තේ එවැනි ක්‍රියාදාමයක් බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.













No comments:

Post a Comment

Post Bottom Ad