උතුරු පලාත් සභාව යලි දෙකඩ වීමේ අවධානමක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

උතුරු පලාත් සභාව යලි දෙකඩ වීමේ අවධානමක්..

උතුරු පලාත් සභවේ පුරප්පාඩු අමාත්‍ය ධූර දෙකක් වෙනුවෙන් නව අමාත්‍ය වරුන් දෙදෙනෙකු පත් කිරීමේදී පලාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙපිරිසක් විසින් අධ්‍යාපන අමාත්‍ය ධූරයට නම් දෙකක් ලබා දීම නිසා නැවත පලාත් සභාව තුල ගැටලු ඇති වීමේ අවධානමක් මතුව තිබේ.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාට එරෙහිව විශ්වාශ භංග යෝජනාව බාර දුන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ මන්ත්‍රී වරුන් ඇතුලු පිරිස පලාත් සභාවේ නව අධ්‍යාපන අමාත්‍ය වරයා වශයෙන් එමානුවේල් ආනෝල්ඩ් මහතා නම් කොට ඇති අතර මහඇමතිට එරෙහිව බාර දුන විශාවාශ භංගයට විරෝධය පෑ මන්ත්‍රී වරුන් 15 දෙනාගෙන් යුත් පිරිස නව අධ්‍යාපන අමාත්‍ය වරයා වශයෙන් කන්දයියා සර්වේෂණ් මහතාගේ නම යෝජනා කොට ඇත.

මේ අතර ඊයේ (28) සවස උතුරු මහඇමති වරයාට පක්ෂපාති මන්ත්‍රී වරුන් 15 දෙනා සමග උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේදී ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා නව අධ්‍යාපන අමාත්‍ය වරයා වශයෙන් කන්දයියා සර්වේෂන් මහතාගේ නම සහතික කොට ගෙන ඇත. ඉලංගෙයි තමිල් අරුස කච්චි පක්ෂ මන්ත්‍රී වරුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා පත් කෙරෙන නව අමාථ්‍ය වරැන්ට ඉදිරියේදී විරෝධතාවක් ඇති වෙනු ඇතයිද පලාත් සභාවේ මන්ත්‍රී වරුන් කියා සිටිති.

-update-

උතුරු පලාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් අද (29) නව අමාත්‍ය වරුන් දෙදෙනෙකු උතුරු පලාත් ආණ්ඩුකාර වරයා ඉදිරියේදී දිවුරුම් දුන් අතර මීට පෙර පිටතට දී තිබූ කෘෂිකරම් අමාත්‍යංශය උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙත පවරා ගනිමින් උතුරු මහඇමති වරයාද දවුරුම් දෙනු ලැබීය.

මේ අනුව නව උතුරු පලාත් කාන්තා කටයුතු, පුනරුත්තාපන , සමාජසේවා, සමූපාකාර , ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍ය වරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මියද උතුරු පලාත් අධ්‍යාපන ,ත්‍රීඩා සහ යෞවන කටයුතු , සංස්කෘතික කටයුතු වෙනුවෙන් ආචාර්ය කන්දයියා සරවෙස්වරන්  මහතාද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර වරයා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

ඊට අමතරව උතුරු පලාත් මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පලාත් පාලන, පලාත් පරිපාලන ,කෘසිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන , වාරිිමාර්ග, ජලසම්පදන හා පරිසර අමාත්‍ය වරයා වශයෙන් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතාද උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad