සචින් තෙන්ඩුල්කාර් කියලා කියන්නේ මුළු ඉන්දියාවම ආදරේ කරන ක්‍රීඩකයෙක්.ක්‍රිකට් දේවත්වයෙන් අදහන ඉන්දීය ක්‍රීඩා ලෝලින්ට සචින් කියන්නේ දෙවි කෙනෙක්.ටෙස්ට් සහ එක්දින තරඟවලදී වැඩිම ලකුණු ලබා ගැනීම ඇතුළු වාර්තාවන් රැසක්ම සචින්ගේ නම ඉදිරියේ ලියවී තිබෙනවා.ඔහු මුලින්ම ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළේ පාකිස්තානයට එරෙහිව 1989 අවුරුද්දෙදි ජනවාරි 20 වෙනිදා.
ඒත් ඔහු ඊට පෙර මුලින්ම පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ බව ඔබ දන්නවාද?ඒ 1987 අවුරුද්දෙදි මුම්බායි වලදි.ඒ කාලයේදි පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වුනා.එහිදී ඇතැම් පාකිස්තානු ක්‍රීඩකයින් තරඟය අතරතුර විවේක ගැනීම සඳහා ඔවුන්ට වෙන්වෙලා තිබුනු හෝටලය වෙත ගියා.එම නිසා පාකිස්තානු කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාවය දැනුනා.
එහිදී ඉම්රාන් ඛාන්ගේ ආදේශක ක්‍රීඩකයා ලෙස පන්දු රැකීමට පිටියට පිවිසියේ සචින් තෙන්ඩුල්කාර්.පන්දුවාර 40 කට සීමාවුනු මෙම තරඟය පැවැත්වුනේ ප්‍රදර්ශනාත්මක තරඟයක් ලෙසිනුයි.
Friday, June 16, 2017
ඉන්දියාව දේවත්වයෙන් අදහන සචින් පාකිස්ථානයට ක‍්‍රීඩා කරලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment