වැසි වැඩිවෙයි - කල්පනාවෙන් සිටින්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

වැසි වැඩිවෙයි - කල්පනාවෙන් සිටින්න

වැසි තත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද  කාලගුණ අනාවැකියේ සඳහන් වනවා. මේ හේතුවෙන් ගංගා සහ කඳුකර ආශ්‍රීත ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටින්නේ.

හදිසි තත්වයක් නම්.....
 
117
011 26 70002
011 2 136 136
ට දන්වන ලෙස ද ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.


මහජනයා සඳහා කාලගුණ අනාවැකිය..

ජුනි මස 23 රාත්‍රීයේ සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිතත්වයේ තරමක වර්ධනයක් බලාපොරොත්තුවේ. බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුලැබේ

No comments:

Post a Comment

Post Bottom Ad