රටවල් දෙකක ආදරය දිනු ප‍්‍රහාරාත්මක පිතිකරුවා කි‍්‍රකට් පිටියට සමුදෙයි

පසුගිය ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක luke ronchi තම අන්තර්ජාතික ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

luke ronchi ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් වන අතර අනතුරුව ඔහු කඩුලු රකින ක්‍රීඩකයා වශයෙන් නවසීලන්ත කණ්ඩායමට එක්වුනා. කෙසේ වෙතත් ronchi ටෙස්ට් තරඟ 4කට, එක්දින තරඟ 85 කට විස්සයි විස්ස තරඟ 32 කට ක්‍රීඩාකර තිබෙනවා.

IPL තරඟාවලියට එක්වන luke ronchi එහි මුම්බායි ඉන්දියන් කණ්ඩායම වසර 5 ක් නියෝජනය කළා. මෙම තීරණයත් සමඟ 36 හැවිරිදි රොන්චි සියලුම ජාත්‍යන්තර තරඟවලට සමුදෙනු ඇති.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment