නිරුවත් නොවි කොටට ඇදපු නදීශානි කියපු කතාව (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

නිරුවත් නොවි කොටට ඇදපු නදීශානි කියපු කතාව (Photos)

නදීශානි නිලුක්ෂි කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. නමුත් ඇගෙ රුව දුටු ගමන්ම ඇය කව්ද කියලා මතකයට නැගෙනවා. ටෙලි නාට්‍ය වලින් වගේම සිනමා තිරයෙන් වෙළෙද දැන්වීම් වලින් දකින්න ලැබුණු ඇය ටික දවසකට නිර්මාණ කටයුතු වලින් ඉවත් වෙලා. ඒ මව් පදවියත් එක්ක. වරිග පොජ්ජ සිනමා නිර්මාණයෙන් ප්‍රාධාන චරිතයක් රගපෑ නදීශාගේ විස්තරයි.
මව් පදවියත් එක්ක නදිශානිට රංගනයට තහංචි වැටිලා වගේ..?
තහනම් තහංචි නම් කාගෙන්වත් වැටිලා නැහැ. පුතාගෙන් මිසක්. පුතා ඉපදිලා තවම මාස පහයි. එයාගේ නම කැන්රොම් කිත්මික. මේ දවස්වල මම කාර්ය බහුල වෙලා එයා එක්ක. පුතා පුංචි නිසා එයත් එක්කම ඉන්න ඕන.සැමියා මම රගපානවට වැඩිය කැමති නැහැ දැන් නම් පුතා නිසා. ඒත් මගේ ඒ දේවල්වලට එයා තහංචි දාන එකක් නැහැ.
වගකීම් වැඩි වෙලා වගෙයි..?
අම්මා කෙනෙක් කියන්නේ කොහොමත් වගකීමක්. තනිකඩ ජිවිතේ ඉන්නවා වගේ නෙමෙයි. විවාහ වුණාට පස්සේ වුණත් මට ලොකු වගකීමක් දැනුණේ නැහැ. නමුත් දරුවා ඉපදුණාට පස්සේ නොතේරෙන කෙනෙක් එක්ක ජිවත් වෙන්නේ කියලා හැගෙනවා. මේ අත්දැකීම නැවුම්. කොච්චර මහන්සි වුණත් මහන්සිය ගැන හිතන්න බැහැ. නමුත් මම සතුටින් ඉන්නවා. මොකද මගෙයි මහත්තයාගෙයි ජිවිතේ දැන් පුතා නිසා.
ආයෙමත් ඔබේ රංගන කටයුතු නිවේදන කටයුතු දකින්නේ කොයි කාලේද..?
මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍යයක් වගේම චිත්‍රපටියක් විකාශය වෙන්න තියෙනවා. දැන් යන මෙගා රැල්ලත් එක්ක ඒ නිර්මාණ විකාශය වීමේ ප්‍රමාදයක් තියෙනවා.කවදා විකාශය වෙයිද කියන්න දන්නේ නැහැ. පුතාට අවුරුද්දක් විතර වුණාට පස්සේ හොද නිර්මාණ ලැබුණොත් මම රගපානවා. වෙළෙද දැන්වීම් බොහොමයකින් මාව දකින්න ලැබෙන
නිසා මම නැහැ කියලා දන්නෙන්නේ නැතුව ඇති.
ඔබ කලාවට එන්නේ නිරූපණ කටයුතු වලින්. නිරුපණයෙන් ඉවත් වෙලාද ඉන්නේ..?
මම 2008 අවුරුද්දේ නිරුපණයට එන්නේ. ඒත් එක්කම තමයි රගපාන්න ලැබෙන්නේ. මාව ඉදිරියේදී නම් එහෙම දකින්න ලැබෙන්නේ නැති වෙයි. 
 
ඔබ කාලයක් ශරීරය වැඩිපුර නිරාවරණය වෙන විලාසිතා වලින් දකින්න ලැබුණා. මවක් වුණු නිසා විලාසිතාවලටත් ස්වයං වාරණ දාගෙනද..?
අම්මා කෙනෙක් කියන එක මම දැන් මතක තියා ගන්න ඕන. මම ලස්සනට අදින්න කැමති කෙනෙක්. මම කොහේවත් නිරුවත් වෙලා නැහැ. නමුත් කොටට ඇදලා තියෙනවා. සීමාවක් ඇතුළේ මම විලාසිතා කරනවා ඉදිරියේදී.
නදීශානි කියන්නේ ජිම් යන කෙනෙක්ද..?
මම ජිම් ගියා. බබා ලැබුණට පස්සේ මගේ ලස්සන ගැන හිතන්න කාලයක් නැහැ. ටිකක් මහත් වෙලා හිටියේ. පහුගිය දවස් ටිකේම පුතා එක්ක ඉන්න නිසා මම කෙට්ටු වෙලා. නමුත් ශරීරයේ හැඩය නම් නැහැ. ටික දවසකින් ආයෙමත් ජිම් ගිහින් ඇඟ හදා ගන්න ඕන.
නදීශානි විදෙස්ගත වෙනවා කියලත් ආරංචියි..?
සැමියා අපිත් එක්ක නෙමෙයි ඉන්නේ.මගේ සැමියා ඉන්නේ ඕස්ටේලියාවේ. පුතා එක්ක ගිහිං ඉන්න බැහැ. ඒ නිසා ලබන අවුරුද්දේ අපි දෙන්නම යන්න ඉන්නේ.
නදීශානි කියන්නෙත් ෆේස්බුක් එකට ලොල් වුණු කෙනෙක්ද..?
මට ආදරේ කරන අය මට මැසේජ් කරන්නේ බොහෝ වෙලාවට ෆේස්බුක් එකට. මම පුළුවන් හැම වෙලාවකම ඒ අයට උත්තර දෙනවා. ආඩම්බරකමින් ඉන්නේ නැහැ. ෆේස්බුක් භාවිතා කළාට ඒකට ඇබ්බැහි වෙලා නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad