රෝහල් ගතවූ තරුණියට අමුතු සාත්තුවක් කළ සාත්තු සේවකයාට වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

රෝහල් ගතවූ තරුණියට අමුතු සාත්තුවක් කළ සාත්තු සේවකයාට වැඩ වරදී


ඉන්දියාවේ ඛාන්පූර්  හි තරුණියක් සාදයක් අතරතුර දරුණු ලෙසට රෝගී වෙනවා. ඇයව රෝහලේදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනවා. ඒ, ඒ අවස්ථාවේ ඇය ඇඳගෙන හිටි ඇඳුම් පිටින්මයි. ඇයට ඇඳුම් මාරු කරගන්න කියල අණ කරන්නේ එතන හිටපු සාත්තු සේවක තරුණයෙක්. 

තරුණිය ඉල්ලා හිටිනවා තමන්ට ඒ වෙනුවෙන් උදව් කරන්න සාත්තු සේවිකාවක් හෝ තම මව එවන්න කියල. ඔහු එය ප්‍රතික්ෂේප කරලා මේ තරුණියව අතපත ගාන්න පටන්ගන්නවා. ඇය උදව් ඉල්ලා කෑගහද්දී ඔහු කාමරයෙන් පළා යනවා. හැබැයි ටික වෙලාවකින් ආපහු ඇවිත්, නිදි බෙහෙතක් මේ තරුණියට එන්නත් කරලා ඇයව අඩපන කරනවා. ඉන් පස්සේ ඇයව දුෂණය කරනවා. 

මේ තරුණියට මේ බව දැනුණත්, ඇයට කර කියාගන්න දෙයක් නැහැ. පසුදා උදේ තම මව්පියන්ට මේ බව දැනුම්දීල මේ සත්තු සේවකයාව අත්අඩංගුවට ගන්න ක්‍රියා කරනවා. වෛද්‍ය පරීක්ෂණයෙන් හෙලිවෙන්නේ මේ තරුණියව අතවරයට ලක්කරලා කියලයි.

No comments:

Post a Comment

Post Bottom Ad