අවවාදය නොඇසූ තරුණයින් දෙදෙනා වේගයෙන් ගිය අවසන් ගමන (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

අවවාදය නොඇසූ තරුණයින් දෙදෙනා වේගයෙන් ගිය අවසන් ගමන (PHOTOS)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී 19 දින පස්වරු 4.45 ට පමණ සිදුවූ රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් ඇතිබව සීගිරිය පොලිසිය කියයි. පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය කරමින් තිබු යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුවී ඇති බවත් මියගොස් ඇත්තේ යතුරුපැදි කරු හා පිටුපස වාඩි වී ගිය අයකු බව කියති.

අනතුරත් සමග යතුරු පැදිය සම්පුර්ණයෙන් කැබලි බවට පත්ව කොටසක් ගිනිගෙන විනාශවී තිබිණි. අසල් වාසින් සඳහන් කළේ විශාල ශබ්ධයක් සමග දුවිල්ලෙන් වැසි ගිය බවත් පසුව තරුණයන් දෙදෙනා මාර්ගයේ වැටි සිටි බවය. පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු සඳහන් කළේ මේ තරුණයන් දෙදෙනාට දඹුල්ලේදී වේග සිමා ඉක්මවා ධාවනයකොට දඩ පත්‍රිකාවක් නිකුත් කොට තිබු බවත් නැවත සිගිරි පොලිස් බලප්‍රදේශයේදී අනතුර වන්නට මද වෙලාවකට පෙර වේගයෙන් ධාවනය කරද්දී පොලිසිය නවත්වා අවවාධ කොට පිටත්කර යැවූ බව කිවේය.

මේ අනතුරින් මියගියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසලක සේවකයකු සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි. අනතුරත් සමග සහල් පැටවූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ඇත.


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Post a Comment

Post Bottom Ad