සය දෙනෙකු විසින් අතවර කළ තරුණියව දුම්රියෙන් එළියට විසි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

සය දෙනෙකු විසින් අතවර කළ තරුණියව දුම්රියෙන් එළියට විසි කරයි

ඉන්දියාව කියන්නේ කාන්තා හිංසනය අතින් උඩින් ම ඉන්න රටක්. අද උදේම ඉන්දියාවෙන් තවත් සිත කම්පා කරවන කතාවක් අහන්න ලැබුණා. ඉන්දියාවේ බිහාරයට අයත් ප්‍රදේශයක් හරහා  ගමන් කරමින් තිබු දුම්රියකින් එලියට විසි කරනු ලැබූ තරුණියක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරුණේ ඊයේ. මේ තරුණිය අවුරුදු 16 ක පාසල් සිසුවියක්.

රාත්‍රියේ වැසිකිලි යාමට නිවසෙන් එලියට ආ ඇය අතුරුදන් වුණේ දෙදිනකට කළින්. ඇයව පැහැරගෙන, සමුහ දුෂණයට ලක්කර මෙලෙස දුම්රියකට නංවා තිබුණා. ඉන් පස්සෙයි දුෂකයන් වේගයෙන් ගමන්කරන දුම්රියෙන් ඇයව එලියට විසි කළේ. මේ තරුණියට අතවර කළ හයදෙනාවම මේ වෙද්දී හඳුනාගෙන. දෙදෙනෙකු පොලිසිය දැනටමත් අත්අඩංගුවට අරන්.

No comments:

Post a Comment

Post Bottom Ad