ඇස් දන්දීමෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමු තැනට! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඇස් දන්දීමෙන් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම පළමු තැනට!

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි. එම සංගමයේ ජාත්‍යන්තර ඇස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජනත් සමන් මාතරආරච්චි බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලොව වෙනත් රටවල් වෙත වැඩියෙන්ම ඇස් දන්දෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවය.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් 1964 වසරේ සිට මේවන තෙක් ලොව රටවල් 54 ට ශ්‍රී ලාංකිකයන්ගේ ඇස් 75,388 ක් පරිත්‍යාග කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එම ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් සඳහා ඇස් 47,225 ක් ලබාදී තිබෙන අතර පරීක්ෂණ කටයුතු සඳහා ද ඇස් 40,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබේ.

ඇසේ ප්‍රශ්නයක් ඇති ඕනෑම රෝගියකු තම ඇස වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කර ගැනීමෙන් අනතුරුව එම වෛද්‍යවරයා හරහා ඉල්ලීමක් කළහොත් ඇසක් ලබාදිය හැකි බව ඔහු පැවසීය. ශ්‍රී ලාංකිකයන් සඳහා මෙය නොමිලේ සිදුකරන බවත් විදේශිකයන් නම්, ඇස් සකස් කිරීමට යන වියදම පමණක් ලබාගන්නා බව ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad