මේ දිනවල සිදුවීම් කිහිපයක් සිදුවී ලන්ඩන් නුවර ත්‍රස්තවාදී බියක් මතුව තිබෙන නිසා චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම අනෙක් කණ්ඩායම් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව බවට ජගත් ක්‍රිකට් කවුන්සිල බලධාරීන් දැනුම් දී ඇත.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (05දා) සිය පුහුණුවීම්වල නිරත වූයේ එවැනි ආරක්ෂාවක් රහිතවය. පුහුණුවීම් සිදුකරන අවට ආයුධ සන්නද්ධව කිසිදු ආරක්ෂකයකු නොසිටි බවත් වාර්තා විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටින්නේ එවැනි ගැටලුවක් නැති බවත් ආරක්ෂාව වෙනුවෙන් එරට ආරක්ෂක අංශ ප්‍රධානියකු ශ්‍රී ලංකා කණ්ඩායම සමගම සිටින බවත්ය.
“මෙහි තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා අපිට කියන්න බැහැ. ඒත් අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කිරීම සදහා ආරක්ෂක අංශ ප්‍රධානියකු අපි සමගම දැන් සිටිනවා. ඔහු කණ්ඩායම ආපු බස් රථයෙන්ම ක්‍රීඩාංගණයට පැමිණියා. ඒ අනුව බැලුවහම අපේ කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙය කලින් තිබුණ ආරක්ෂාවට වඩා වැඩි වෙලා” ඔහු කියා තිබේ.
Wednesday, June 7, 2017
ලන්ඩන් ත්‍රස්ත බිය මැද ශ්‍රී ලංකා පිලේ ප්‍රැක්ටිස් වලට සිකියුරිටි මදි කතාව
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment