මේ පවතින සමාජය හරිම විෂමයි. කෙනෙකුගේ සියදිවි නසා ගැනීමක් පිළිබඳ සංස්කරණය නොකළ ඡයාරූප හොයාගෙන බලන්න යන කාලයක් මේ.
ඒ වගේම තමන්ගේ අක්ක, අම්මා, සහෝදරි, දුව අමතක කරලා තමන්ගේ පහත් ආශාවන්වලට ගොදුරු කරගන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඕවට ඇබ්බැහි වුණු පිරිස්ගේ වැඩ නිසා සමාජයට මුහුණ දෙන්න බැරිව ජිව්තෙන් වන්දි ගෙවපු අය අපි අතර නැතුවාම නොවේ. ඔන්න ඔහොම කෙනෙක් මහා මාර්ගයේ යන යුවතියන්ට කැත වැඩ කරපු කෙනෙක් මේ ළඟදී පොලිසියට අහු වෙලා තිබුණා.
කතාව වුණේ මෙහෙමයි, අඳුර වැටෙමින් පවතින අවස්ථාවලදී මහමග පයින් ගමන් ගන්නා තරුණියන්ගේ පපු පෙදෙස තදින් මිරිකා පලා යාමට පුරුදුව සිටි තරුණයකු පස්වන තරුණියගේ පපුව මිරිකා පලා යද්දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පෙරේදා (3) පොලිසියට භාර දීලා තියෙනවා. තරුණිය 21 වියේ පසුවන්නියක වන අතර ඇය පෙරේදා (3) හවස රැකියාවට ගිහින් ආපසු ගෙදර එන ගමන් සිටියදී දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් ගමන් කරලා.
ඒ අතර ඉදිරියෙන් වැනි වැනි තරුණයකු ද පැමිණලා. ඔහු තරුණිය ආසන්නයට පැමිණි සැණින් පැන තරණියගේ පපු පෙදෙස තදින් කිහිප වරක් මිරිකා පලා ගිය අතර වේදනාවට පත් තරුණිය විලාපයෙන් කෑගහලා. ඔය සිද්ධිය වුණු වෙලාවේම පාරේ ආපු කාන්තාවක් සිද්ධිය දැක අසල්වාසීන්ගේ සහය ඇතිව පලා යන තරුණයා අල්ලාගෙන පොලිසියට භාර දීලා තියෙනවා.
මෙම තරුණයා මීට කලිනුත් කලින්ද මෙලෙසින්ම මහ මග යමින් සිටි කතුන්ගේ පපු පෙදෙස් මිරිකා පලා ගිහින් තියෙනවා. ඒ පිළිබඳව පැමිණිලි රැසක්ම ලැබී තිබුණත් ඔහු එවැනි ක්‍රියාවක් කර අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි පොලිසිය කියන්නේ. සැකකරු ඊයේ (4) හලාවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Tuesday, June 6, 2017
තරුණියන්ට අමුතු සෙල්ලම් දාගෙන ගියපු තරුණයාගේ සෙල්ලම ලෙල්ලම වුණු හැටි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment