බුකිය කැළඹූ පේරාදෙණි සරසවි සිසුවියගේ මරණ පරීක්ෂණයේදී ඇත්ත හෙලිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

බුකිය කැළඹූ පේරාදෙණි සරසවි සිසුවියගේ මරණ පරීක්ෂණයේදී ඇත්ත හෙලිවෙයි


“සරසවි උයන දුම්රියපළ පසුකර දුම්රිය ධාවනය වෙමින් තිබුණා. තරුණියක් දුම්රිය මාර්ගය අද්දර සිටිනවා දැක්කා. දුම්රිය ලං වෙනකොටම ඒ තරුණිය පැණිදෙනිය දුම්රියපළ දෙසට හැරී රේල් පීල්ලට පාත් වුනා.” මෙසේ ප්‍රකාශකර තිබුනේ ඉකුත් දින කීපයේදීම සමාජජාල වෙබ් අඩවිවල පළවූ පේරාදෙණිය සරසවියේ පරිඝණක උපදේශිකාවගේ මරණය පිළිබදව පැවති මරණ පරීක්ෂණයේදී අදාල දුම්රියේ රියදුරු ඩී.එස්. කුමාරසිංහ මහතායි.

පසුගියදා මෙලෙස මියගියේ පන්නිපිටියේ පදිංචි තරණී විජේසිරිවර්ධන නැමැති 25 හැවිරිදි තරුණියක්. බදුල්ල කොළඹ දුම්රියේ ප්‍රධාන රියදුරු ,මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙලෙස ප්‍රකාශකර තිබුණා. ” මම කොළඹ ඉදලා බදුල්ලට දුම්රිය ධාවන කරමින් හිටියේ. මහනුවරදී දුම්රිය හරවා බදුල්ල බලා ගමන් කරනවා. 9.40 පමණ සරසවි උයන දුම්රිය ස්ථානය පසු කරන කොටම තරුණියක් දුම්රිය මාර්ගය අද්දර ඉන්නවා දැක්කා. තරුණියන් ඒ හරියේ ඉන්නවා. ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක්. ඒත් දුම්රිය ලං වෙනකොටම ඇය පෑදෙණිය දුම්රියපොළ දෙසට හැරී රේල් පීල්ලට බෙල්ල තිබ්බා.

No comments:

Post a Comment

Post Bottom Ad