දූෂණ චෝදනා ලැබූ උතුරේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

දූෂණ චෝදනා ලැබූ උතුරේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි..

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් දූෂණ චෝදනාවලට වරදකරුවන් වී ඇති බව පසුගිය 6 වැනිදා උතුරු පළාත් සභාව තුළ ප්‍රකාශ විය.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් හතර දෙනාට දූෂණ හා වංචා චෝදනා ඉදිරිපත් වීමෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ප්‍රධාන අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ වාර්තාව මේ වන විට ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාරදී තිබේ. පිටු 80 කින් සමන්විත එම වාර්තාවට අනුව වුවත් ඒ ගැන අවසන් තීරණයක් ගැනීමට ලබන 14 වැනිදා විවාදයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාව තීරණයක් ගෙන ඇත.

තත්ත්වය එසේ තිබියදී ඊට ප්‍රථමයෙන් උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය එස්. කුරුකුලරාජා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය සිකුරාදා (09 දා) ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා වෙත භාරදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad