ක්‍රීඩා ඇමති යටතේ මට වැඩකරන්න සිද්දවෙන්නෙපා.සුසන්තිකා සිරසට ඇවිත් දයාසිරිට දෙහිකපයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ක්‍රීඩා ඇමති යටතේ මට වැඩකරන්න සිද්දවෙන්නෙපා.සුසන්තිකා සිරසට ඇවිත් දයාසිරිට දෙහිකපයි..

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යධුරයේධුරයේ ඉන්න තාක්කල් ඔහු යටතේ වැඩ කිරීමට තමා අකමැති බව සිරස නාලිකාවේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තික ජයසිංහ මහත්මිය පවසනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමාට අවශ්‍ය දීමනා සහ ගෞරවය නිසියාකාරව ලබාදුන් බවත් වත්මන් අමාත්‍යතුමා තමාට වට්ටිඅම්මා කියා ප්‍රසිද්ධියේ අවමන් කර ඇති බවත් ඇය පවසනවා. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් දැඩි ලෙස විවේචනය කරන ඇය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවද නොකරනවද යන ප්‍රශ්නය ඇසූ මොහොතේ නිහඬව සිටියා.


එදා සිට ආද දක්වා ඔලිම්පික් පදක්කම් දෙකක් පමණක් අප රටට හිමිව තිබෙන අතර මෙම ප්‍රශ්නයට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදෙමින් කටයුතු කිරීමට අවශ්‍ය බලධාරීන් ක්‍රියා කලයුතු බවත් ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකාගේ ජයසිංහ මහත්මියගේ සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ගෞරවය රැකෙන පරිදි අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු බව මළල ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad