ලොකු අයියා.... සිංහල සිනමාවේ ලොකු අයියා
කිව්වම හැමෝම දන්නවා කියන්නේ කා ගැනද කියලා. එන්න කිව්වේ ඒ ලොකු අයියට. ආ
ගමන් මඟ ගැන කතා කරන්න.
අපි කතාව පටන් ගමු මුලින්ම ෂූටින් බලන්න ගිය දවසෙන්?
අම්මෝ ඔව්. මමයි මගේ ගෙදර ගාව හිටිය
රංජිත් කියන මගේ යාළුවයි තමා මුලින්ම ෂූටින් බලන්න ගියේ. එතකොට ඇති අපිට
අවුරුදු 13ක් 14ක් විතර. තර්සර්ටන් විද්යාෂලයේ ඉගෙන ගන්න කාලේ. විජය
ස්ටුඩියෝ එකට. අපි දන්නේ නෑ හොයාගෙන ගියාට පස්සේ එතන ඉන්න සිකියුරිටි
කිව්වා අවසර නැතුව ඇතුළු වෙන්න බෑ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මට මතක්
වුණා නීල් රූපසිංහ මහත්මයාගේ ගෙදර තියෙන්නෙත් ඒ කිට්ටුව කියලා. මොකද ඒ
දවස්වල අපි පත්තර බලලා විස්තර එහෙම හොයාගෙන එන්නේ. ඊට පස්සේ අපි දෙන්නා
නීල් රූපසිංහ මහත්මයාගේ ගේ හොයාගෙන ගිහින් කිව්වා අපි ආසයි ෂූටින් බලන්න,
ඒත් ඔබතුමාගේ අවසර නැතුව යන්න දෙන්නේ නෑ කියලා. ආහ්... හරි මම දැන් එතැනට
දැන් එනවා අපිට යන්න කිව්වා. අපි පයින් ඇවිත් බස් වල ඇවිත් එතැනට යද්දී
එතුමා කාර් එකෙන් ඇවිත් ඇතුළටත් ගිහින් දැන් මොකද කරන්නේ ආපු එකේ ෂූටින්
බලන්න යන්නත් ඕනේ, ඉතින් අපි දෙන්නා කතා වෙලා හොඳටම අඬන්න ගත්තා. අපෙන්
බේරෙන්න බැරිම තැන අපිට යන්න දුන්නා. ඒ යන්න දුන්නෙත් නම, ගෙදර ලිපිනය, අපි
ඇඳන් ඉන්න ඇඳුමේ පාට මේ හැම දෙයක්ම සටහන් කරගෙන.
කොහොමද ඒ අත්දැකීම?
ඒක වචනයෙන් කියන්න බෑ. අපි එතැනට යද්දී
ගාමිණි ෆොන්සේකා, විජය කුමාරණතුංග, ඇන්තනි සී. පෙරේරා, ශ්‍රීයාණි අමරසේන,
සේනක පෙරේරා, සේනාධීර රූපසිංහ මේ හැමෝම හිටියා. මේ අය ‘හතර දෙනාම සූරයෝ’
චිත්‍රපටය රූගත කරමින් හිටියේ. අපි යන වෙලාවේ තිබ්බේ කොඩි ගහ යට මම උපන්නේ
කියන ගීතය රූගත කරමින්. මට තාම මතකයි මම ගාමිණි ෆොන්සේකා මහතා ළඟින් යද්දී
උඩ ඉඳන් පහළට පහළ ඉඳන් උඩට බැලුවා. මට හරි පුදුමයි. ඒ වගේම තමා විජය
කුමාරණතුංග මහතා දිහාත්. එදා දවසේ අපි දෙන්නට කෑමකුත් නෑ. මොකද අතේ සල්ලිත්
නෑ. කොහොම හරි උදේ ආපු ගමන ගෙදර යද්දී රූ 9.30 රෑ 10 විතර වුණා.
ගෙදරින් බැන්නේ නැද්ද?
මොකද නැත්තේ. අපි ගෙදර යද්දී ගෙවල් දෙකේ
මවුපියන් පොලීසි යන්න ලෑස්ති වෙලා. ඇයි උදේ ගෙදරින් ගිය ගමන් නේ. මගේ
යාළුවට එයාගේ තාත්තා ගැහුවේ ගෙදර මේසේ කකුලේ ගැට ගහලා. මමත් ගෙදරින්
මුලින්ම ගුටි කෑවේ එදා. ඒ වගේම තමා මාසයක් විතර යනකම් ගෙදරින් එළියට බහින්න
පවා තහනම් වුණා.
නළුවෙක් වෙන්න හදද්දී ගෙදරින් මොකද කිව්වේ?
තාත්තා නම් කිව්වේ දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ කොහේ රඟපාන්නද? රස්සාවක් කරන්න කියලා.
නළුවෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණේ ඇයි?
ඒක ඇත්තටම කොහොම හිතුණ ද කියන්න බෑ. මට
දැනුණු දෙයක් තමා මේක හැදෑරිය යුතු සොයා යා යුතු දෙයක් කියලා. එතකොට තමා මට
ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා ගැන දැන ගන්න ලැබුණේ. මම හොයලා බලද්දී එතුමා
ලංකාවට ඇවිත් හිටියා. ඒ වෙද්දී එතුමා ලංකාවට ඇවිත් හිටියේ චෙකොස්ලෝවැකියාවේ
අවුරුදු 10ක් විතර රංගනය, වේශ නිරූපණය, පසුතල නිර්මාණකරණය මේ හැම දෙයක්
ගැනම හදාරලා තමා ඇවිත් තිබ්බේ. මමයි මගේ හිටියා ඩන්ස්ටන් කියලා යාළුවෙක්
අපි දෙන්නා තමා ගියේ එතුමා හම්බෙන්න.
මුල්ම චිත්‍රපටය සහ අද ගැනත් කතා කළොත්?
අපේ ගෙවල් ගාව තමා අරිසෙන් අහුබුදු
සුරීන් හිටියේ. ඒ වගේම එතුමාගේ පුතාත් මගේ හොඳ යාළුවෙක්. අරිසෙන් අහුබුදු
සුරීන් කියන්නේ ගාමිණී ෆොන්සේකා මහතාව ළඟින්ම ඇසුරු කළ කෙනෙක්. මම ඉතින්
කියලා තිබ්බේ මාව ගාමිණී මහතාට හඳුන්වා දෙන්න කියලා. ඒ කාලේ ගාමිණී මහතා
සක්විති සුවය චිත්රුපටය කරන කාලේ. ඉතින් මගේ කීමට අරිසෙන් අහුබුදු සූරීන්
මාව හඳුන්වා දුන්නා. ගාමිණී මහතාට එතැනින් පස්සේ තමා මට සක්විති සුවය
චිත්ර්පටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ ගත්තොත් ඩී.බී. නිහාල්සිංහ
මහතාගේ රිදී නිම්නය, ආයෙමත් ගාමිණී ෆොන්සේකා මහතාගේ සාගරයක් මැද, කොටි
වලිගය වගේ චිත්රොපටවල රඟපාන්න අවස්ථාව ලැබුණා.
කලාව තුළ රැඳෙන්න එහෙම නැත්නම් නළුවෙක් විදියට ස්ථාවර වීම අභියෝගයක් වුණේ නැද්ද?
මොකද නැත්තේ. මට තිබ්බ ලොකුම අභියෝගය
කවදා හරි දවසක අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා ඔබේ ගණන කීයද කියලා අහන තැනට
එන්නේ කොහොමද කියලා. හැබැයි මේ මොන දේ කරන්නත් මේක තුළ ඉන්න ඕනේනේ. අන්න ඒ
නිසා තමා මම පසුතල නිර්මාණය කරන්න ‘සෙට් ගහන්න’ පටන් ගත්තේ. කොහොමත් මගේ
ඇඟේ තිබ්බා ඔය දේ. මුලින්ම මම කළේ ජයන්ත චන්ද්රබසිරි ගේ අත් නාට්යලයේ සෙට්
එක. ඊට පස්සේ ජැක්සන් ඇන්තනී කළ ජුලියට් ගේ භූමිකාව, ප්ර සන්න විතානගේ ගේ
පවුරු වළලු, ඇසළ කළුවර වගේ නිර්මාණවල වැඩ කළා. මේ දේවල් කරන ගමන් ලැබෙන
චරිතත් රඟපෑවා.
එදා කළ කැප කිරීම ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ කැපකිරීම් නිසා තමා අද මම මෙතන
ඉන්නේ. ඒ කැපකිරීම් නැත්නම් අද මම මෙතන නැහැ. නමුත් හරි කනගාටුයි කියන්න අද
මම වැඩමුළු පවත්වද්දී ඒ තැන්වලට එන ළමයි හිතන් ඉන්නේ මේක මරැ තැනක්. මාර
ජොලි සුර පුරයක් කියලා. එහෙම නෑ අද අපි ඉන්න තැනට එන්න අපි කොයි තරම් කැප
වීම් කළාද? හැදෑරීම් කළාද?
Text – Anusha Ranasinghe
Tuesday, June 6, 2017
දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ රඟපාන්නද කියලා ඇහුවහම තාත්තා මහේන්ද්‍රට දීපු උත්තරේ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment