කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා කට්ටල මෙරටට ගෙන්වා ඒවා රෝගීන් අතරට භාවිත කිරීමට ඉඩ සැලසීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි යන චෝදනාව මත ජාතික ලේ බැංකුවෙහි හිටපු අධ්‍යක්ෂවරිය වන මංගලිකා බිංදුසාර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ(07) වරෙන්තු නිකුත් කළේය.
ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමට ගන්නා අවස්ථාවේදී ඇය අධිකරණයට නොපැමිණි අතර ඇයගේ නීතිඥවරයා පවසා ඇත්තේ ඇය අසනීපව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර ඇපකරුවන්ට අගෝස්තු 09 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.
Thursday, June 8, 2017
කල් ඉකුත් වූ රුධිර ප්ලාස්මා ගෙන්නුවාට ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරියට වරෙන්තු
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment