කොල්ලූපිටියේ පොලිස් ක්වාටස් බිල්ඩිම කඩා වැටීමේ අවදානම නිසා පිරිස ඉවත් කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

කොල්ලූපිටියේ පොලිස් ක්වාටස් බිල්ඩිම කඩා වැටීමේ අවදානම නිසා පිරිස ඉවත් කෙරේ

කොල්ලූපිටිය 19 වන පටුමගේ පිහිටි පොලිස් නිලධාරීන් සඳහා වූ නිවස්නයක් (ක්වාටස්) කඩාවැටීමේ අවදානමක් ඇති බව ලක්ෂණ පහළවී එහි සිටි පිරිස් අද ඉවත් කරනු ලැබුවා. මෙහි පොලිස් නිලධාරීන්ගේ පවුලේ උදවියද ඇතුළුව 300කට අධික පිරිසක් රැඳී සිට ඇත. 

යාබද ඉඩමක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සිදු කෙරෙන කැණීම් හේතුවෙන් මෙම පොලිස් නිල නිවාසය ඉරි තැලීමකට ලක්ව ඇති බව හඳුනාගෙන ඇත. පොලිස් මූලස්ථානය කළ දැනුම් දීම අනුව පිරිස වෙනත් තැනකට යොමු කර තිබේ. පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමේ සිද්ධියෙන් පසු මෙවැනි අවදානම් තත්වයන් ගැන ජනතාව දක්වන සැලකිල්ල වැඩිවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad