කොරියාවේ සිට ලංකාවේ ගංවතුර ගැන ඇසූ චංගුමීට දුක හිතිලා විපතට පත්වුවන්ට ඩොලර් 50000 ආධාර එවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

කොරියාවේ සිට ලංකාවේ ගංවතුර ගැන ඇසූ චංගුමීට දුක හිතිලා විපතට පත්වුවන්ට ඩොලර් 50000 ආධාර එවලා



කොරියාවේ සිට ලංකාවේ ගංවතුර ගැන ඇසූ චංගුමීට දුක හිතිලා 
විපතට පත්වුවන්ට ඩොලර් 50000 ආධාර එවලා

පසුගිය කාලයේ ලංකාවේ විශාල වශයෙන් කථාබහට ලක්වූ කොරියානු ටෙලි නාට්‍යයක් වූ ‘සුජාත දියණිය‘ හි චංගුමී ලෙස රඟපෑ ලී යංග් නමැති කොරියානු නිළිය ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව ගැන එරට සිට රූපවාහිනියෙන් නරඹා ඇතිවූ සංවේගය නිසා ජනතාව වෙත ආධාර එවන්නට කල්පණා කර තිබේ.


ඒ අනුව කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සසංගා නිකපිටිය මහත්මිය වෙත ඇය පරිත්‍යාග  අමෙරිකානු ඩොලර් 50000 මුදලක් (රුපියල් ලක්ෂ 77 ) යොමු කර ඇත. 

ආබාධ සහිත වුවන්ගේ කොරියානු සංගමයේ සභාපති ලී සිඕන්ග් ඇය වෙනුවෙන් ඊයේ(05) එම මුදල භාර දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad