සෞඛ්‍ය අමාත්‍යාංශයට සරසවි සිසුන් කඩා වැදීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

සෞඛ්‍ය අමාත්‍යාංශයට සරසවි සිසුන් කඩා වැදීම ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි මහල් හතරක් අල්ලාගෙන දේපළවලට හානි කිරීම ගැන වහාම වාර්තා කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ‍යට දැනුම් දී තිබේ.

අගමැතිවරයා මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවීම වැළැක්වීමට පොලිසිය ක්‍රියා කර නොමැති බවට අමාත්‍යවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (22) අගමැතිවරයා හමු වී කරුණු දැක්වීමෙන් පසුවය.

සිසුන්ගේ ක්‍රියාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රාජ්‍ය දේපළ සහ වාහනවලට සිදු වී ඇති හානිය පිළිබඳව මෙම වාර්තාවට ඇතුළත් කරන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබේ. මේ අනුව අමාත්‍යාංශය ඉදිරි දින දෙකේ දී සම්පූර්ණ වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad