ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ පට්ටම ගලවන්න අධිකරණ අමාත්‍යාංශය වැඩ අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ පට්ටම ගලවන්න අධිකරණ අමාත්‍යාංශය වැඩ අල්ලයි

ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ පට්ටම ගලවන්න අධිකරණ අමාත්‍යාංශය වැඩ අල්ලයි
දේවස්‌ථාන 166 කට පහර දී අලාභහානි කළ බවට අසත්‍ය ප්‍රකාශයක්‌ සිදුකළ නීතිඥවරයාගේ නීතිඥ තනතුර ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අසත්‍ය ප්‍රකාශ කළ නීතිඥවරයා එය පැය 24 ක්‌ ඇතුළත නිවැරැදි කර සමාව නොගන්නේ නම් ඔහුගෙන් නීතිඥ වෘත්තිය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සිදුකළ ප්‍රකාශයට අනුව අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජාතීන් අතර ගැටුමක්‌ ඇති කිරීම සඳහා අසත්‍ය ප්‍රකාශ කළ නීතිඥවරයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ නීතිපතිවරයාගේ උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන මේ වන විට සකස්‌ කරමින් සිටින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙවැනි සිද්ධියක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙතද වාර්තා වී නැතැයි හෙළි වී තිබේ. ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට දෙරණ රූපවාහිණි නාලිකාවේ ‘අලුත් පාර්ලිමේන්තුව‘ වැඩසටහනට එක්වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා පසුගියදා සදහන් කළේය.

ඒ අනුව එවන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේ අතර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූවේ එකිනෙකාට පහරදීමට හෝ පහත් කර සැලකීමට ආගම අතකොළුවක් කර නොගන්නා ලෙස හා එවැනි දෙයක් කළොත් එය රටට කරන ලොකු ද්‍රෝහි කමක් බවයි.

තමන් කොළඹ අගරදගුරු පදවිය දරමින් අනෙකුත් අගරදගුරු තුමන්ලා සමග නිතරම සමීපව ගනුදෙනු කරන බවත්, ඔය තරම් දුරට දේවස්ථාන පල්ලි වලට හානි සිදුවුණා යයි තමන් නොදන්නා බවත් අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේය. එලෙස පහරදීම් සිදුවූ බවට වන සංඛ්‍යා ලේඛන කොහෙන් පැමිණියේදැයි තමන් නොදන්නා බවත්, ඇතැම් විට මූලධර්වාදී කිතුණු කණ්ඩායම් දේවස්ථාන හදන්නට ගොස් හෝ තම සාමාජිකයින් නැති තැන්වල සාමාජිකයින් ඇති කරගන්නට ගොස් එවැනි ගැහැට ඇතිවූවාදැයි නොදන්නා බවත් කාදිනල් හිමියන් අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad