තුවාල ලැබූ STF නිලධාරීන්ට ජාතික රෝහලෙන් නිසි ප්‍රතිකාර ලබාදී නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

තුවාල ලැබූ STF නිලධාරීන්ට ජාතික රෝහලෙන් නිසි ප්‍රතිකාර ලබාදී නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශය අසළ ඉකුත් දින පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයන් කොළඹ මහ රෝහලේ සිට පොලිස් රෝහල වෙත පසුගිය 21 වනදා යැවූ බව පොලිස් විශේෂකාර්ය බළකායේ අණදෙන නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි.

තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයින්ට නිසි ප්‍රතිකාර ලබාදීමට ජාතික රෝහලේ වෛද්‍යවරු අසමත්වී ඇති බව ලතීෆ් මහතා පෙන්වා දුන් අතර පොලිස් රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයට සහාය දෙයි ද යන්න ලතීෆ් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූවිට ඒ මහතා කියා සිටියේ එම වෛද්‍යවරු රාජකාරි ඉටු කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ රෙගුලාසිවලට බැඳී සිටින බවයි.

මේ වනවිට විරෝධතාවට සහභාගිවූ සිසුසිසුවියන් 70ක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. මේ සම්බන්ධව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයින්ට නිසි ප්‍රතිකාර ලැබුණේ නැතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් වාර්තා නොවුණු බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකොට ඇත.

මෙම පරීක්ෂණය සිදු කරන කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේපොළවලට හානිවීම් සම්බන්ධවම විශේෂ පරීක්ෂණයක් සිදුකරයි. එම කණ්ඩායම දැනටම හානිවීම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබාගනිමින් සිටින් බවත් මීට වගකිව යුතු සියලුදෙනා ලබාගන්නා සාක්ෂි මත නීතිය හමුවට පැමිණීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad