" පාලකයන් හමුදාවට කෙනෙහිලිකම් කරනවා" - පකිස්ථාන ආරක්ෂක සමුළුවේ දී මහින්දගෙන් දොස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

" පාලකයන් හමුදාවට කෙනෙහිලිකම් කරනවා" - පකිස්ථාන ආරක්ෂක සමුළුවේ දී මහින්දගෙන් දොස්

අනතුර තමන් ළඟ නොසිටි මොහොතේ ආසියාවේ ලංකාව වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් ඉගැන්වීමට ආ බටහිර ජාතීන් සර්පයා දෂ්ට කරන විට මානව හිමිකම් කඩකර හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පසුබට නොවන බව කියමින් කතාව වෙනස් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ලොව බිහිසුණුම ත‍්‍රස්තවාදීන් ලෙස එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේදී හමුදා සතුව තිබූ දැඩි අධිෂ්ඨානය ගැන එවකට සිටි සේනාධි නායකයා ලෙස තමා ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කළ කැප කිරීම් සදා අගයන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. පාකිස්තානයේ ආරක්ෂක අධ්‍යාපන සහ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද  සමුළුව ඉස්ලාමාබාද්හි සෙරේනා හෝටලයේදී පැවැත්වුණා.

යුද්ධය අවසන් කිරීමේදී පාකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප‍්‍රමුඛ රාජ්‍යයන් කළ මෙහෙවරද හිටපු ජනාධිපතිවරයාගේ ඇගැයීමට ලක්ව තිබෙනවා. සභාවෙන් ඉදිරිපත්වූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා එවකට දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදාවට, ඩයස් පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයින් ද  කෙනෙහිලිකම් කරන බවත් ඒවා  පිළිකුලින් යුතුව බැහැර කරන බවද සඳහන් කර තිබෙනවා.

"...ත‍්‍රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොඳ ත‍්‍රස්තවාදියා නරක ත‍්‍රස්තවාදියා කියා බෙදන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරම සතුරා ත‍්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා ...”
මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්  මහත්වරුද පසුගිය වසර තිහක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාකිස්තාන කොමසාරිස්වරුන් ලෙස සේවය කළ පිරිසක්ද එරට අමාත්‍යාංශ ලේකම්වරුන් ඉහළ හමුදා නිලධාරීහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීහුද සහභාගිවී තිබෙනවා.

 සමුළුව පිළිබඳ  උදයංග වීරතුංග මහතා මෙවැනි සටහනක් තබා තිබුණා.


හිටපු ජනාධිපතිතුමාගේ සිව් දින පාකිස්ථාන සංචාරයට සමගාමීව ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ, පාකිස්ථානයේ ආරක්‍ෂික අධ්‍යාපන සහ පර්යේෂණ (RSS) ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන ආරාධිකයා සහ ප්‍රමුඛ දේශකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අද සවස සහභාගී විය. අතුරු සිදුරු නැතිව පිරි ඉතිරි ගොස් තිබු ශාලාවේ, පසුගිය වසර තිහක කාලයේ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස්වරුන් ලෙස සේවය කල සියලුම තානාපති නිලධාරීන්ද, විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්, ඉහළ හමුදා නිලධාරීන්, විශ්වවිද්‍යාල කථිකාචාරින් සහ මාධ්‍ය ප්‍රධානින් මෙහිදී කැපී පෙනුණි.
ලොව බිහිසුණු ත්‍රස්තවාදින් ලෙස LTTE ය පරාජය කිරීමේදී හමුදාවන් සතුව තිබු දැඩි අධිෂ්ඨානය ගැන සේනාධිනායකයා ලෙස තමා ආඩම්බර වන බවද, ශ්‍රී ලංකාවේ ජනතාව ඒ වෙනුවෙන් කල කැපකිරීම් සදා අගයන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ රාජ්‍යන් ඒ සඳහා කල මෙහෙවර අගයමිනි. කොල්ලුපිටියේ LTTE මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි ගලවාගත් හිටපු මහකොමසාරිස් විසින් රාජපක්ෂ ජනධිපතිවරයා එවකට ශ්‍රී ලංකාවට ලබා දුන් නිර්භීත නායකත්වය අගය කිරීම මෙහිදී විශේෂ සිදුවීමකි.
බටහිර ජාතීන් ආසියාවේ අප වැනි රාජ්‍යයන්ට මානව හිමිකම් පිළිබඳ පාඩම් උගැන්වීමට එන්නේ අනතුරුව ඔහුන් ළග නොසිටි මොහොතේ බව පෙන්වා දුන් මහින්ද ජනාධිපතිවරයා, සර්පයා දෂ්ඨ කරන විට “මානව අයිතීන් කඩා හෝ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අප පසුබට නොවන බවට” ඔහුන්ගේ තනුව දැන් වෙනස් කර ඇති අයුරු පැහැදිලි කළේය.
සභාවේන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, එවකට දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා ප්‍රජාවට ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කරනු ලබන කෙනෙහිලිකම් පිළිකුලින් යුතුව බැහැර කළේය. “ත්‍රස්‌තවාදියාට තෙරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොද ත්‍රස්‌තවාදියා නරක ත්‍රස්‌තවාදියා කියා බෙදන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා ත්‍රස්‌තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා....” යනුවෙන් බටහිර මාධ්‍ය ආයතනයක් නියෝජනය කල මාධ්‍යවේදියකුට පාඩමක් කියා දීමට ද ජනධිපතිවරයා අමතක නොකළේය.












No comments:

Post a Comment

Post Bottom Ad