පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් අමරවීරට උපදෙසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් අමරවීරට උපදෙසක්

කුමන ප්‍රතිඵලයක් ලැබුණත්, පළාත් පාලන ඡන්දය මේ වසරේ අගෝස්තු මාසය තුළ පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පනත් සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර සම්මත කළ යුතු බවටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා. පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයෙන් පසු, එම ආයතන සඳහා අටදහසකට අධික සභික සංඛ්‍යාවක් පත් කළ යුතු බවට යෝජනා වී ඇතත් එම සංඛ්‍යාව හය දහසක් පමණ වන සේ අඩු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී ඇත්තේ.

සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා ඇතැම් කොට්ඨාස බද්ධ කිරීමට තීරණය වී ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා සම්බන්ධ පක්ෂ සමඟ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad