ඩෙංගු රෝගීන් පිරී යයි.. ඉතිහාසයේ මුල් වරට ජයවර්ධනපුර රෝහල වසා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ඩෙංගු රෝගීන් පිරී යයි.. ඉතිහාසයේ මුල් වරට ජයවර්ධනපුර රෝහල වසා දමයි..

ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.

මේ වන විට එම රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත. අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් ඩෙංගු රෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය. 2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.

No comments:

Post a Comment

Post Bottom Ad