ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැරී ජයවර්ධනට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැරී ජයවර්ධනට..

ව්‍යාපාරික නායක හැරී ජයවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය සහ එහි 49%ක කොටස් හිමිකාරිත්වයක් ලබාගැනීම සඳහා ජපානයේ ANA සහ JAL යන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමග හවුල් එකඟතාවයකට පැමිණ ඇත.

ඩේල් එෆ්ටී පුවත්පතට දැනගන්නට ලැබුණු අන්දමට මේ බව මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ද දැනුම් දී ඇති අතර එම ව්‍යාපාරික හවුල, පොදු පුද්ගලික හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවයේ හිමිකාරිත්වය ලබාගැනීම සඳහා මුලපිරීමට උනන්දුවෙන් පසුවෙයි. ඕල් නිපෝන් එයාවේස් කෝපරේෂන් ලිමිටඩ් හෙවත් ANA සමාගම ජපානයේ විශාලතම ගුවන් සේවා සමාගම වන අතර ජැපෑන් එයාලයින්ස් හෙවත් JAL සමාගම ජපානයේ දෙවන විශාලතම ගුවන් සමාගම වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැරී ජයවර්ධන අමුත්තෙකු නොවන්නේ මෙම ගුවන්සේවය සැලකිය යුතු දියුණුවක් ලැබූ සමයක හැරී ජයවර්ධන එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බැවිනි. හැරී ජයවර්ධනගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට සංචාරක කර්මාන්තය, ගුවන් ගමන් සහ ගමන් කටයුතු සංවිධානය කෙරෙහි විශාල උනන්දුවක් දක්වන එයිට්කන්ස් ස්පෙන්ස් සමාගම මෙන්ම ඉස්කාගාර ඇතුලු මූලික ආයෝජන රැසක ප්‍රධානත්වය උසුළන මෙල්ස්ටා කෝප් වැනි සමාගම් අයත් වේ. 


තවද තේ සහ ආහාර පාන ලොවේ දැවැන්තයෙක් වන ස්ටැසන් ගෲප් ද ඔහුගේ පාලනය යටතේ පවතියි. මේ අතර එයිට්කන්ස් ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රාජන් බ්‍රිටෝ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරයි. මීට පෙර ද ඔහු එහි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කර තිබේ. හැරී ජයවර්ධනගේ මූලිකත්වයෙන් යුත් ජපන් කොන්සෝටියම මෙම අවස්ථාව උදා කරගත්තේ ලෝකයේ ලොකුම ගුවන්සේවය වන එමිරේට්ස් ගුවන්සේවය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමග වාණිජ ගිවිසුමකට එළඹීමට එකඟතාවය පළ කර තිබෙන අතරවාරයේ ය. 

අතීතයේ ශ්‍රී ලංකන් ගුවන්සේවය සම්බන්ධයෙන් කළමනාකාරිත්වය පිළිබඳ ගිවිසුමක් සහ සුළුතර කොටස් හිමිකමක් දැරූ මෙම සමාගම, හිටපු ජනපති රාජපක්ෂගේ සමයේදී අපකීර්තිමක් අන්දමින් එළවා දැමූ නිසා ඔවුන් දැන් ජපන් කොන්සෝටියම මෙන් පොදු-පුද්ගලික හවුල්කාර ගිවිසුමකට එළඹෙන්නට උනන්දුවක් දක්වන්නේ නැත. කෙසේ නමුත් මෙකී පාර්ශවයන් ද්විත්වය ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් දක්වන උනන්දුව, ගුවන්සේවා විශ්ලේෂකයන්ට අනුව ණය බරෙන් මිරිකී ඇති සහ පාඩු ලබමින් තිබෙන ජාතික ගුවන්සේවය නැවත නගා සිටුවීම සඳහා වන ආණ්ඩුවේ සැලසුම්වලට විශාල පිටිවහලකි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ කොටස්කරුවන් වීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමට අර්පණ කැඳවූ අවස්ථාවේදී පාර්ශව 14 ක් එයට ප්‍රතිචාර දක්වා තිබූ අතර පුද්ගලික කොටස් සමාගමක් වන TPG ද කෙටි ලැයිස්තුගත වී තිබිණි. කෙසේ නමුත් නිසි උද්‍යෝගයක් නොපෙන්වීම මත වාණිජමය සහ වෙනත් හේතු දක්වමින් පසුව මෙම සමාගම එකී අභිලාෂය ඉවත් කර ගත්තේය. සමීප මූලාශ්‍රයන්ට අනුව මෙම යෝජිත පොදු පුද්ගලික හවුල්කාරිත්ව ගිවිසුම යටතේ ආණ්ඩුවට ශ්‍රී ලංකන් ගුවන්සමාගමෙන් 51% ක කොටස් හිමිකමක් ලැබීමට නියමිත ය. 


තවද නව කොටස් සහ කළමනාකාරිත්ව කොටස්කරුවෙක් සමගින් ජාතික ගුවන්සේවය ණය බරෙන් මුදවා ගැනීමට ද ආණ්ඩුවට මෙමගින් අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකන් ගුවන්සේවය පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ හවුල් ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව ගුවන්සේවයේ පාඩු ලැබීම 2013/14 වසරේ පැවති රුපියල් බිලියන 31.3 සිට 2016/17 වන විට රුපියල් බිලියන 27.7 දක්වා බෙහෙවින් අඩු වූ බවයි. 2011 සහ 2015 කාලය අතරතුර ගුවන්සේවය ලබා ඇති පාඩුව රුපියල් මිලියන 92 ක් වේ.

තවද මීට පෙර ගුවන්සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එළඹුණු අතිශය වැඩි පොලී ලීසිං ගිවිසුම් හේතුවෙන් ද ගුවන් සේවය විශාල මුදලක් ගෙවමින් සිටියි. නොවටිනා උපරි මිලකට ලබාගෙන තිබූ A 350-900 වර්ගයේ ගුවන් යානා 4 ක කල්බදු ගිවිසුම් අවසන් කිරීම මගින් 2017 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 14.3 ක දැරිය නොහැකි තරම් බරක් ගුවන් සේවය වෙත පැටවී ඇත.

ජපානයේ ඕල් නිපෝන් ගුවන් සමාගම පසුගිය වසරේ වියට්නාම් ගුවන් සේවය වන ඒඑන්ඒ ගුවන් සේවයෙන් ද සුළුතර කොටසක් මිලදී ගත්තේය. ලෝකයේ ගමනාන්ත 227ක් වෙත පියාසර කරන නිපෝන් ගුවන්සේවය ස්ටා එලායන්ස් හි කොටසකි. ජපානයේ ජාතික ගුවන් සේවය වන JLA ද එහි කොටසක් වන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එහි සාමාජිකයෙකි. නිපෝන් ගුවන් සේවය විසින් උප ප්‍රධාන ගුවන් සේවා ගණනාවක් ද ක්‍රියාත්මක කරයි. කලාපීය ගුවන්සේවාව වන ඒඑන්ඒ වින්ග්ස් සහ එයා ජැපෑන් ද එයට ඇතුළත් ය. එයා ඩූ, වැනිලා එයා, ඇලෙක්ස් කාගෝ සහ බජට් ගුවන් සේවාවක් වන ‘පීච්’ ද එයට ඇතුළත් ය.

JAL සමාගම් සමූහයට ජැපෑන් එයාලයින්ස්, J එයා, ජැපෑන් එයා කමියුටර්, ජැපෑන් ට්‍රාන්ස්ඕෂන් එයා සහ ගෘහස්ථ ගුවන් ගමන් සඳහා භාවිතාකරන රුයිකියු එයා කමියුටර්, JAL කාර්ගෝ සහ තැපැල් ගුවන් සේවාවන් ද එයට අයත් ය. මෙම සමාගම් සමූහය සතුව ලෝකයේ රටවල් 35ක ගමනාන්ත 220 ක් වෙත පියාසර කරනා ගුවන් යානා 279ක් තිබේ.

– lankanewsweb.net

No comments:

Post a Comment

Post Bottom Ad